Home

I Want To Create

A Websiteවෙබ් අඩවියක් නිර්මාණය කරන හැටිහදන්න පටන් ගමුA Ecommerce Websiteඅන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ විකුණන්න වෙබ් අඩවියක් හදන හැටිහදන්න පටන් ගමුA Shopify Dropshipping StoreShopify මගින් Dropshipping Ecommerce Store හදන හැටිහදන්න පටන් ගමුA News WebsiteNews, Magazine, Blog අඩවියක් හදන හැටිහදන්න පටන් ගමු
Previous
Next

  • Coding දැනුම අවශ්‍ය නැහැ
  • ඕනෑම කෙනෙකුට
  • සරලව සිංහලෙන්

What is WordPress?

සරලවම කිව්වොත්  WordPress කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්න යොදා ගන්න software එකක්. අපි මේවට කියනවා CMS එහෙමත් නැත්තම් Content Management Systems කියලා.

මේ CMS භාවිතා කරලා අපිට පුළුවන් coding දැනුමක් නොමැතිව websites නිර්මාණය කරන්න. මේවට තවත් උදාහරණ තමයි Jumla, Drupal, Shopify…

මේ අතරින් WordPress වඩා ජනප්‍රියයි. කොපමණ ජනප්‍රියද කියනවනම් අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩවි වලින් 38% ක් පමණ නිර්මාණය කරලා තියෙන්නේ WordPress භාවිතා කරලා. ඒ වගේම සියලුම CMS වලින් ප්‍රතිශතයක් ලෙස 64%ක් WordPress වලට හිමි වෙනවා.

WordPress market share statistics

WordPress වලින් හදන්න පුළුවන් Websites

WordPress වලින් ඕනෑම විදියක වෙබ් අඩවියක් හදා ගන්න පුළුවන්. Blog, Business website, Ecommerce site, LMS site ඇතුළු ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් coding නොමැතිව හදා ගන්න පුළුවන්.

වෙබ් අඩවියක් හදන්නේ කොහොමද?

හැම website එකකටම domain සහ hosting අවශ්‍ය වෙනවා. Domain කියන්නේ website එකේ URL එක. උදා: academy.wpsinhala.com.

Hosting කියන්නේ අපේ website එක ඕනෑම කෙනෙක්ට ඕනෑම තැනක ඉදන් ඕනෑම වෙලාවක access කරන්න පුළුවන් විදියට website එකේ files server එකක host කරන එක.

මේ video එකෙන් WordPress ගැන තව පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි.